රන් භාණ්ඩ කොල්ලකෑමකට වැරදිකරු වූ අයෙකුට මරණීය දණ්ඩනය

(කොළඹ, ලංකාපුවත්) – රන් භාණ්ඩ කොල්ල කා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (14) මරණීය දණ්ඩනය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අදාළ නියෝගය නිකුත් කරන ලදි.

ඒ අනුව මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කෙරුණි.

1992 වසරේ දී මාලිගාවත්ත ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු සතුව තිබූ රන් භාණ්ඩ කොල්ලකා ඔහුගේ පුත්‍රයාට වෙඩි තබා ඝාතනය කළ බවට වන චෝදනා මත විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *