ඉරාන සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – දෙදින ඉරාන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(15) අලුයම දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

අද අලුයම 1.45ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණියේය.

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිතුමා පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපතිතුමාගේ මෙම සංචාරය තුළ දී ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා ඇතුළු එරට රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ලැබීය. මෙහිදී දෙරට අතර ගිවිසුම් 05කට අත්සන් තැබීම ද සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =