කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වීමක්

(කොළඹ, ලංකාපුවත්) – බියගම සිට පන්නිපිටිය දක්වා විදුලි සම්ප්‍රේශණ මාර්ගයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටිමක් සිදුව ඇත.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ කිලෝවොට් 220 රැහැන් මාර්ගයේ මෙම කාර්මික දෝෂය හටගෙන ඇති බවය.

මෙම තත්වය මත හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, රත්මලාන, පන්නිපිටිය යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබේ.

විදුලිබලය යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *