ගාසා තීරයේදී විශාල පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 55 දෙනෙකුට මරු කැඳවමින්, ඊශ්‍රායල හමුදා ගාසා තීර‍යට එල්ල කළ ප්‍රහරය සිය ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රහාරයක් බව එරට රජය සදහන් කර ඇත.

2014 වර්ෂයෙන් පසුව ගාසා තීරයේ සිදුවූ දරුණුතම ප්‍රහාරය ඊයේ(14) ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරනු ලැබූ මෙම ප්‍රහාරය බව පලස්තීන බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 2700කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් ය.

මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා ගාසා තීරයේ කැරළිකාරි ලෙස හැසිරෙන හමාස් අන්තවාදීන්ට එරෙහිව ස්වයං ආරක්ෂාව උදෙසා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

හමාස් අන්තවාදීන්හට ඊශ්‍රායලය විනාශ කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ද අගමැතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් පලස්තීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙය මිලේච්ඡ සමූහ ඝාතනයක් ලෙසයි.

මේ අතර ඊයේ සිදුවූ මෙම ප්‍රහාරය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය, ටෙල් අවිව් සිට ජෙරුසලමට මාරු කිරීමට සහ ඊශ්‍රායලයේ අගනුවර ලෙස තමන් ජෙරුසලම හඳුනා ගන්නා බවට අමෙරිකානු ජනපති ගත් තීරණය සමග ඊට එරෙහිව පලස්තීනයේ සති 6ක කාලයක සිට දැඩි විරෝධතා රැළි පැවැත්විණ.

නැවත පැමිණිමේ රැළිය ලෙස නම් කෙරුණු එම රැළිය ඊයේ දිනයේ නව අමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කරමින් පවසා ඇත්තේ නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අනාගත අගනුවර බවයි.

අමෙරිකාව, ජෙරුසලමේ ආධිපත්‍ය ඊශ්‍රායලයට සතු කරවීමට සහය දෙන බවත් ඊශ්‍රායලය ජෙරුසලම, නොබෙදිය හැකි ප්‍රාග්ධනයක් ලෙස සලකන බවත් පලස්තීන විරෝධතාකරුවෝ වැඩිදුරටත් චොදනා කරති.

කෙසේ වෙතත් සිය අයිතිය වෙනුවෙන් සිදුකරන මෙම විරෝධතාව නොනැවතී අද දිනයෙත් සිදුකිරීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *