බස් ගාස්තු වැඩි කරන යෝජනාව අද කැබිනට් අනුමැතියට

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද(15) කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතය.

පෞද්ගලික බස් සංගම්වලින් ලද ඉල්ලීම් සලකා බලමින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය වූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව අද ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ හා දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

බස් ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් බස් සංගම් නියෝජිතයින්ගේ අදහස් විමසීම සඳහා ඊයේ ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 7 =