මාතර රිය අනතුරකින් පුද්ගලයින් 3ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මාතර, බෙංගමුව – රොටුඔ මාර්ගයේ, දාබෝගල ප්‍රදේශයේ දී ඊයේ(14) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.

ඒ, ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනි. අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 10.40ට පමණ බව පොලිසිය සදහන් කළේය.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කිරීමේ දී එහි පිටුපස ගමන් කළ තිදෙනා මිය ගොස් ඇත.

රියදුරු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා ඇත. මිය ගිය තිදෙනා වයස අවුරුදු 34, 50 සහ 53ක් වන පිළිවෙළින් බෙංගමුව, පස්ගොඩ හා මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

රොටුඹ පොලීසිය අනතුර පිළිබඳ විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *