(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිනිය ලෙස පත්කර තිබේ. මෙම පත් කිරිම සිදුකර ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසිනි.
මේ අතර ස්වාධින රුපවාහිනි සේවයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පත්කර ඇත. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙසින් මෙතෙක් එම තනතුරේ කටයුතු කළ සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතාව ම පත් කර තිබේ.
සැලසිනේ ආයතනයේ සභාපති ලෙස පත්කර ඇත්තේ උමා රාජමන්ත්‍රි මහත්මියයි.