කෘෂි පරිවර්තනයකට රජය කැපවනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ සිදුවන කෘෂි පරිවර්තනයට ශ්‍රී ලංකාව එක්කිරීමට රජය කැපවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තවත් වැඩසටහනක් ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

” ගම පොහොසත් වුණාම රටේ ආර්ථිකය පොහොසත් වෙනවා..එබැවින් ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න අද කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් දියත් කරනවා…අද මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියනවා..එක එක ජනකොටස් විශේෂයෙන්ම තරුණ අය කෘෂිකර්මයෙන් ඈත් වෙනවා…කෘෂිකර්මයෙන් ඈත් වුණාම කෘෂිකර්මයේ නිශ්පාදිතත්වය අඩු වෙනවා.. දැන් එම ක්‍රමවේදය වෙනස් කරන්න අද ලෝකයේ කෘෂිකර්මයේ සිද්වෙන පරිවර්තනයට ලංකාව එකතු කරන්නයි මේ ආණ්ඩුව කැප වෙලා තියෙන්නේ…එහෙනම් කෘෂිකර්මය නවීකරණය කිරීමේ වැඩසටහන අපි මේ ලෝක බැංකුව එක්ක ඉදිරියට ගෙනියන එක වැඩසටහනක් …එහෙනම් මේක ක්‍රියාත්මක වුණාම අනිත් වැඩසටහන් ඒ වගේම ක්‍රියාත්මක වුණාම අපේ බංකුවල ණය දීම් ක්‍රම ක්‍රියාත්මක වුණාම බලාපොරොත්තුව කෘෂි නිශ්පාදනයත් ඒ එක්කම අගය වැඩි කිරීම වැඩි වෙලා අපේ කෘෂි අංශයේත් ග්‍රාමීය අංශයේත් ආදායම් වැඩි වෙන එක ..”

කෘෂිකාර්මික නව්‍යකරණ වැඩසටහන යටතේ ආයතන 39 ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණි. මේ සදහා ලෝක බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 102 ක් වැයකරනු ලැබේ.

ලෝක බැංකුවේ නේවාසික නියෝජිත අයිඩා ස්වරායි රීඩීහූ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ව්‍යාපෘතිය යටතේ මෙරට කෘෂිකර්මාන්තය හා කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමේ හැකියාව උදාවේ.

දළ දේශීය නිෂ්පාදනයට කෘෂි ක්ෂේත්‍රයෙන් දක්වන දායකත්වය ද ඉහළ නැංවීම මෙහි අරමුණය. එමෙන්ම නව්‍යකරණය හා විවිධාංගීකරණය මගින් ඉහළ ඵලදායිතාවෙන් යුත් කෘෂි නිෂ්පාදන සිදුකිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ද මෙමගින් හැකිවේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශයේ නවීකරණ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *