දෙහැවිරිදි දරුවාගේ මරණයට මව – පියා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මාළිගාවත්ත, හිජ්රා මාවත ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු සැකකටයුතු ලෙස මිය යාමේ සිද්ධියට මව හා පියා අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය දරුවාගේ මරණ පරීක්ෂණය ඊයේ(15)කොළඹ අධිකරණ වෙද්‍යෙ නිලධාරී චන්න පෙරේරා මහතා විසින් සිදුකළ අතර මරණයට හේතුව බාහු විධ මොට තුවාල නිසා සිදු වූ මරණයක් බවට තීන්දුවක් ලබා දීමෙන් අනතුරුවය.

මිය ගිය පිරිමි දරුවා මරණ පරීක්ෂණයකින් තොරව දෙමාපියන් විසින් අවසන් කටයුතු සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මත පොලීසිය පසුගිය 14 වැනි දින පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමේ දී වයස අවුරුදු 2ක් වන මොහොමඩ් අලී මොහොමඩ් උස්මාන් ඉකම් නමැති මෙම දරුවා මිය ගොස් ඇත්තේ අධික සීනි වැඩිවීම හේතුවෙන් බව දෙමාපියන් පවසා තිබේ.

නමුත් සිදුකළ විමර්ශනයේ දී දරුවාගේ වම් පාදයේ පිළිස්සුම් තුවාලයක් ඇති බවට දක්නට ලැබී ඇති අතර සැකකටයුතු මරණයක් ලෙස අළුත්කඩේ අධිකරණය වෙත කරුණු වාර්තා කළ බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය. එසේම මේ පිළිබඳව මලිගාවත්ත පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඊයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කර ඇති අතර මරණයට හේතුව බාමු විධ මොට තුවාල නිසා සිදුවූ මරණයක් බවට තීන්දුවක් ලබා දී ඇත.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමාපියන් අද දින (16) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + thirteen =