සංගක්කාර හා ක්‍රීඩා ඇමති අතර සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අතර සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබුණි.

එහිදී ක්‍රීඩා නීතිය හා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් විය යුතු ආකාරය දීර්ඝව සාකච්ඡා වූ බව සඳහන්ය.

ක්‍රිකට් සංවර්ධනය සඳහා ඉදිරියේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් හා පරිපාලකයින් රැසක් ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරනු ඇතැයි කුමාර් සංගක්කාර පැවසීය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතා හොඳ මට්ටමක සිටින බවද කුමාර් සංගක්කාර වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − four =