හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ජාතික ක්‍රීඩා පාසලක් ලෙස මෙය සංවර්ධනය කිරීම රජයේ සැලසුම වේ. එහි ක්‍රීඩාගාරය හා නේවාසිකාගාරවල අඩුපාඩු සොයාබැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ බලාපොරොත්තුව විය.

එහි පිහිණුම් තටාකයේ ඉදිකිරීම් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් හා ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *