අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – බස් ගාස්තු සියයට 6.56කින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පල කරමින් අද(16) මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරිමට ඊයේ(15) පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි විය.

මීට අමතරව අවම බස් ගාස්තුව සංශෝධනය නොකිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පල කර ඇත.

කෙසේවෙතත් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය යන සංගම් තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *