මහනුවර වෙළෙද ආයතනයක හදිසි ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර නගරයේ දළදා වීදියේ පිහිටි වෙළෙඳ ආයතනයක මුළුතැන්ගෙයි හදිසි ගින්නක් ඊයේ (16) සවස 04.00ට පමණ හට ගෙන ඇත.

මහනුවර පොලිස් නිලධාරීන් හා මහජනතාව එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

කෙසේ නමුත් ගින්න හේතුවෙන් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා මහනුවර රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලිසිය පැවසීය.

මෙම ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වී ඇති අතර සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 18 =