දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් (General Bipin Rawat) මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

මෙම හමුව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 6 =