රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ හෙද දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කළ හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

හෙද සේවාව නංවාලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් විශේෂ සම්මානයක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ පිරිස් අගයමින් සම්මාන හා තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + two =