ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා යළි පකිස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) –”බුද්ධ රශ්මි” ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් පකිස්ථානයේ තක්ෂිලා නුවරින් මෙරටට වැඩමකරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඊයේ (17) ගංගාරාම විහාරස්ථානයේ සිට යළි පකිස්ථානයට වැඩමකරවන ලදී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ධාතූන් වහන්සේලා වැඩමවා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සංවිධානත්වයෙන් දිස්ත්‍රික්ක හතක දී මහජන ප්‍රදර්ශනය සඳහා තබන ලදී.

ධාතූන් වහන්සේලා යළි පකිස්ථානයට වැඩමවීමේ අවස්ථාව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + seventeen =