අදත් දිවයින පුරා තද වැසි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹපළාත්වලත් අම්පාර,මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බවද දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *