රිය පදවන විට ජංගම දුරකථන භාවිතය වැලක්වීමට ඕස්ට්‍රේලියාව පුරා දැඩි නීති

(කොළඹ, ලංකාපුවත්) – රිය පදවන විට ජංගම දුරකථන භාවිතය වැලක්වීමට අදාල නීතිදැඩි කිරීමට සියලුම ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් එකගතාවය පල කර ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තය තුල පමණක් ජංගම දුරකථන භාවිතය සම්බන්ද වැරදි සදහා දඩ පත්‍රිකා නිකුත් කිරීම ගෙවී ගිය වසර තුල සියයට 13කින් ඉහල ගොස් ඇති බව සදහන්ය.

ඇතැම් ප්‍රාන්තවල නීති මේ සම්බන්ධයෙන් සංශෝධනය කර ඇති බවද වාර්තා වේ.

රිය පදවන විට සෙල්ෆි ඡායාරූප ගැනීම හා චිත්‍රපට නැරඹීම මේවන විට ඉහළ යාමක් දක්නට ඇතැයි ද සදහන් ය. මේ අනුව නව තාක්‍ෂණය ආශ්‍රිත වැරදි හේතුවෙන් සිදුවන රිය අනතුරුවල ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ඩන් ෆයර් පවසයි.

පසුගිය වසර තුළ දී පමණක් ජංගම දුරකථන භාවිත වැරදි හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළ පමණක් දඩ පත්‍රිකා 30,000ක් පමණ නිකුත් කර තිබේ. රිය පදවන අතරතුර ජංගම දුරකථන භාවිත කරන රියදුරන් නීතියේ රැහැනට හසු කර ගත හැකි නව තාක්‍ෂණයෙන් යුත් කැමරා පද්ධතියක් දැනට වික්ටෝරියානු ප්‍රාන්තය තුළ අත්හදා බැලෙන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *