ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ(21) සිදුවිය.

මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම අද (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *