(කොළඹ, ලංකාපුවත්) – පළතුරු වවුලන් ඇතුලු සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගයක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීළඟ වසංගත රෝගය විය හැකි බවට නම් කර ඇති ‘නිපා‘ වෛරස් රෝගයෙන් මේ වනවිටත් කේරළයේ පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 25 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති ‘නිපා‘ වෛරස් රෝගය වැළඳෙන සියයට 75ක් මියයන බව සඳහන්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වැඩිම අවධානයක් යොමු කළ යුතු භයානක රෝග ලැයිස්තුවේ මුල් රෝග 10 අතරට නිපා වෛරසය ද ඇතුළත් ය.
කේරළ ප්‍රධාන අමාත්‍ය පිනාරායි විරාජන් සදහන් කර ඇත්තේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම වෛරසය ආසාදිතයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම සිදු කරන බවත් වෛරසය පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ය.