ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනිය වරාය අධිකාරියේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී චූලාමනී චාහාර්ත්සුවාන් මහත්මිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අද(22) පැමිණියාය.

එහිදී ඇයව පිළිගනු ලැබුවේ අධිකාරියේ වැඩබලන සභාපති පී. ජී. දසනායක මහතා විසිනි.

අනතුරුව දෙරටේ වරායන් අතර ඓතිහාසික සබදතා පිළිබදව හා නාවික සමූද්‍රීය ඉතිහාසය පිළිබඳව නියෝජිත පිරිස අදහස් හුවමාරු කර ගැණුනි.

මෙම අවස්ථාවේ දී අධිකාරියේ වැඩබලන සභාපති පී. ජී. දසනායක මහතා විසින් වර්තමානයේ ශ්‍රී ලංකා වරයා ක්ෂේත්‍රෙය් ලබා ඇති දියුණුව පිළිබඳ පැහැදිලි කළේය. එමෙන්ම අන්තර්ජාතික වෙළෙඳ හා නාවික ක්ෂේත්‍රෙය් දෙරටේ වරායන්ගේ දායකත්වය ද එහිදී අවධානයට ලක් විය.

විශේෂයෙන් ම ජගත් නාවික සමුළුවට(world Shipping Council) අනුව ලෝකයේ හොදම බහලු වරායයන් 50 අතර තායිලන්තයේ බැංකොක් වරාය 22වන ස්ථානයේ ද, කොළඹ වරයා 28වන ස්ථානයේ ද ශ්‍රේණිගත කර තිබීම දෙරටේ වරායන් අතර ඉදිරි සංවර්ධන අපේක්‍ෂාවන් වෙනුවෙන් අවධාරණයට පත් කෙරිණි.

එසේම වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ නිරීක්‍ෂණය යටතේ මේවන විට ශ්‍රී ලංකාවේ වරාය හා නාවික ක්ෂේත්‍රය තුළ සිදුව ඇත ඵලදායී වෙනස්කම් පිළිබඳ ව ද වැඩබලන සභාපතිවරයා විසින් තානාපතිවරිය දැනුවත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *