එවරස්ට් මුදුනේ සිංහ කොඩිය දෙවන වරටත්

(කොළඹ, ලංකාපුවත්) – එවරස්ට් කඳු මුඳුන තරණය කිරීමේ දෙවන උත්සාහය සාර්ථක කරමින් ශ්‍රී ලංකාවේ ජොහාන් පීරිස් නේපාල වේලාවෙන් අද(22) උදෑසන 5.55ට එවරස්ට් තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ.

ඒ අනුව 2016 වසරේ දී ජයන්ති කුරු උතුම්පාලගෙන් පසු එවරස්ට් කඳු මුදුනට පැමිණෙන දෙවන ශ්‍රී ලාංකිකයා බවට ජොහාන් පත් වේ.

ඔහු 2016 වසරේ දී ද ජයන්ති සමඟ එවරස්ට් තරණයට ගිය අතර නමුත් එම ගමනේ දී මීටර 400 ක් පසුකළ පසු ඔහුගේ ඔක්සිජන් ටැංකිය අවසන් වීම හේතුවෙන් එය අතහැර දැමීමට සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *