අමෙරිකාවෙන් උතුරු කොරියාවට කොන්දේසි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවට කොන්දේසි ඉදිරිපත් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරයි.

න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම සඳහා බලපෑම් කිරිම එහි අරමුණ වේ.

කෙසේ වෙතත් කොන්දේසිවල ස්වභාවය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

දෙරට අතර සමුළුව ජුනි 12වනදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

එහෙත් එය කල් යා හැකි බව අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කර ඇත. උතුරු කොරියාව දකුණු කොරියාව සමඟ සාකච්ඡා පැවැත්වීම ප‍්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකා සමුළුව සම්බන්ධයෙන් ද ඔවුන් නිසි ප‍්‍රතිචාර දක්වා නොමැත. එය සාකච්ඡා අසාර්ථක වීමට හේතුවක් බව ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 17 =