‘සාගර්’ සෝමාලියාව කළඹයි

(කොළඹ, ලංකාපුවත්) – සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හරහා හමාගිය ‘සාගර්’ සුළිකුණාටුව නිසා එරට ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉකුත් සඳුදා පටන් පවතින සාගර් සුළිකුණාටුව නිසා අවතැන් වූ පිරිස 100000 ඉක්මවා තිබේ.

නිවාස 300කට අධික සංඛ්‍යාවක් මුළුමණින්ම විනාශ වී ඇතැයි සදහන් ය. ගණනය කිරීම් අනූව මේ වන විට සිදුව ඇති සම්පූර්ණ හානිය අමෙරිකානු ඩොලර් මිලියන 35කට අධිකය. එක්සත් ජාතීන්ගේ සංවිධාන අවතැන්වූවන් සඳහා ආධාර ලබාදීමට කඩිනම් පියවර ගනු ලැබීය.

මහමාර්ග මුළුමණින්ම ජලයෙන් යටවීම නිසා මොගඩිෂු අගනුවර ගමනාගමනය මුළුමණින්ම ඇණහිට ඇති බව වාර්තා වේ. විදුලි සැපයුම් හා සන්නිවේදන කටයුතුවලට ද දැඩි බලපෑම් ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *