ආපදා මරණ 11යි – 105,352ක් පීඩාවට

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 26වනදා දක්වා පැවැතිය හැකි බවත් පවතින වැසි තත්ත්වය සළකා බලමින් දිස්ත්‍රික්ක පහකට රතු නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

මේ වන විට පවතින ආපදා තත්ත්වය නිසා පුද්ගල මරණ 11ක් දක්වා වැඩිවි ඇති අතර දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස110ක පවුල් 18542 පුද්ගලයින් 105,352ක් පීඩාවට පත් වී ඇති බවද පූර්ණහානි වූ නිවාස 29ක්ද, අර්ධ හානි වූ නිවාස 2527ක් වාර්තා වී ඇත.

ආපදා කළමණාකරන ම්‍යස්ථානයේ ඊයේ(23) පැවැති මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය විය.

නාය යාමේ අවදානම සහ ජල ගැලිම් හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනතාව දැනට දිස්ත්‍රික් දහයක සුරක්ෂිත මධ්‍යස්ථාන 214 ක පවුල් 11445කට අයත් පුද්ගලයින් 43368ක් රඳවා තිබෙන බවද එහිදී පැවසීය.

නායයාම් පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ පවතින වැසි තත්ත්වය සලකා බලමින් දිස්ත්‍රික්ක 05ක් සඳහා රතු නිවේදන නිකුත් කළ බවයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය(රත්නපුර, ඇළපාත, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ), කෑගල්ල දිස්ත්‍රික්කය( බුලත්කොහුපිටිය,දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරණායක සහ මාවනැල්ල ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ)නුවරඑළිය දිස්ත්‍රික්කය(අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ) කලුතර දිස්ත්‍රකික්කයේ( පාලින්ද නුවර. අඟලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ) ගාල්ල දිස්ත්‍රිතක්කයේ( ඇල්පිටිය, ගාල්ල කඩවත් සතර, නාගොඩ, නෙලුව, තවලම ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශ )වලට රතු නිවේදනය නිකුත් කර ඇත.

අනෙකුත් දිස්ත්‍රික්කවලට පෙර පැවැති අනතුරු ඇඟවීම් එසේම පවතින බවද ගාමිණී ජයතිස්ස මහතා කීය.

පවතින වැසි තත්ත්වය අද(24) දිනයේද බලාපොරොත්තුව වන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණු වයඹ පළාත් වල මිලි මිටර් 100ක පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා පැවසීය.

යාපනය, වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්කයන්හි මිලි මීටර් 75ක වර්ෂාපතනයක් අද දිනයේ ඇති වේ යයි ද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය. දිවයිනට ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ යම් කිසි කැළඹිලි කාරී ස්වභාවය හේතුවෙන් දිවයින හරහා නිරිදෙසින් හමන සුළං ප්‍රවාහයේ ක්‍රියාකාරී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එම තත්ත්වය හේතුවෙන් මේ දිනවල පවතින වර්ෂා කාරී කාලගුණ තත්ත්වය ලැබී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා කීය.

මෙම වැසි තත්ත්වය 25-26 වන තෙක් පැවැතිය හැකි බවද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කාලයේ වැසි තත්ත්වයේ යම්කිසි අඩුවීමක් පෙන්නුම් කළ හැකි යයිද කීය. සුළං වේගය වැඩි වූ අවස්ථාවල ක්‍රියා කරන ආකාරය පිළිබඳව ධීවර ජනතාවට අවබෝධයක් තිබෙන බවද සරත් ප්‍රේමලාල් මහතා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් වාරිමාර්ග දෙපාර්තතමේන්තුවේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය ප්‍රකාශ කළේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් කලු ගඟේ ජල මට්ටමේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි. සැම ස්ථානයකින්ම එහි ජල මට්මමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව කී මාලා අලවතුගොඩ මහත්මිය ගංඟාව සුලු ගංවතුර මට්ටමක පවතින බවද කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =