විදේශිකයින්ට අවාරයේ සිරිපා කරුණාව රාත්‍රියේ තහනම්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවාරයේ රාත්‍රි කාලයේ විදේශික සංචාරකයන්ට ශ්‍රීපාද සංචාරය කිරිම තාවකාලිකව තහනම් කර තිබේ.

ශ්‍රීපාද අවාරයේ හැටන් මාර්ගය ඔස්සේ සංචාරය කිරිමට දිනකට විශාල විදේශිය සංචාරකයින් පිරිසක් පැමිනෙනු ඇත. ඉන් වැඩි පිරිසක් රාත්‍රි කාලයේ සංචාරය කිරිමට උනන්දු වන්නේ අලුයම් කාලයේ ඉර සේවය නැරඹිමේ අදහසිනි.

සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත් මෙම පියවර අනුව ඕනැම සංචාරයකුට නල්ලතන්නිය පොලිසිය දැනුවත් කර දිවා කාලයේ ශ්‍රීපාද සංචාරය කිරිමට හැකි බවත් එසේ සංචාරය කරන සංචාරකයන් එදිනම පස්වරු 6 වන විට නල්ලතන්නිය වෙත පැමිණිය යුතු බවත්, ශ්‍රිපාද වනජිවි කාර්ලය දැනුම් දෙයි.

මෙම නියෝගය සම්බන්ධයෙන් අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරයා, නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සහ නල්ලතන්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සමග සාකච්ඡාවකින් දැනුවත් කිරිමට පියවර ගත් බව වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි පැවසීය.

පවතින අධික වර්ෂාවත් සමග නල්ලත්නිය සිට ශ්‍රීපාද උඩු මළුව දක්වා දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින නිසා සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා මෙම ආරක්ෂිත වැඩ පිලිවෙළ දියත් කර ඇත‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =