හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවසක් අසලින් ස්කෑනර් යන්ත්‍රයක් ගොඩගැනේ

(කොළඹ, ලංකාපුවත්) – කිලිනොච්චිය ,ධර්මපුරම් යුනිට් හත ප‍්‍රදේශයේ හිටපු කොටි සාමාජිකයකුගේ නිවස ආසන්නයේ වළදමා තිබූ ලෝහ උපකරණ සෙවීමට ගන්නා ස්කෑනර් යන්ත‍්‍රයක් හා ජීව පතුරම් තොගයක් ඊයේ(23) දහවල් සොයා ගෙන තිබේ. මෙම උපකරණ සොයාගෙන ඇත්තේ පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සිදුකළ පරීක්ෂාවකදී ය.

මේ පිළිබඳ බුද්ධි තොරතුරු ලැබි ඇත්තේ වවුනියාව පරයානම්කුලම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් වෙතටය. ඒ අනුව ආරක්ෂක අංශ නිලධාරීන් හා පොලිසිය විසින් කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලත් නියෝගය යටතේ එම එල්.ටී.ටී.ඊ සමාජිකයාගේ නිවස ආසන්නයේ සැක සහිත ස්ථානයක් බැකෝ යන්ත‍්‍රයක ආධාරයෙන් කැණීමකදී සිදුකර ඇත.

එම කැණිම්වලදි පොළව අභ්‍යන්තරයේ යකඩ පෙට්ටියක ඉතා ආරක්ෂිතව අසුරා තිබූ ස්කෑනර් යන්ත‍්‍රය හා පිස්තෝල ජීව පතුරම් කිහිපයක් ද සොයා ගෙන හමුවි තිබේ.

ජීව උණ්ඩ හා ස්කෑනර් යන්ත‍්‍රයේ කොටස් නොදිරන ලෙස පොලිතින් හා ග‍්‍රීස් යොදා අසුරා තිබූ බව පොලිසිය සදහන් කළේය. නිවස හිමි හිටපු කොටි සාමාජිකයා විදේශ ගතව සිටින අතර ඔහුගේ බිරිඳ හා ඥාතීන් මෙම නිවසෙහි දැනට පදිංචිව සිටි.

මෙම උපකරණ යුද සමයේදී නිවස අසල වළදමා ඇති අතර නිවැසියන් විසින් එම ස්ථානයට ඉහළින් සිමෙන්ති දමා ආවරණය කර තිබේ.

හිටපු කොටි සාමාජිකයා විසින් මෙම උපකරණ සඟවා තැබුවේද යන්න අනාවරණය වී නොමැත.

සොයාගත් ස්කෑනර් යන්ත‍්‍රය යුද සමයේ දි කොටි සංවිධානය විසින් බෝම්බ සෙවීමට භාවිතා කළ යන්ත‍්‍රයක් යැයි ආරක්ෂක අංශ සැක පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *