අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ තවත් නිවාස 722ක් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ මාදම්පිටිය, හේනමුල්ල ,මෙත්සද සෙවණ, මහල් නිවාස සංකීර්ණයේ තවත් නිවාස 722 ක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) පස්වරුවේ සිදුවිය.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ, සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීම සදහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙම නිවාස ඉදිකර තිබේ.

නිදන කාමර 02 කින් හා සියලූ මූලික පහසුම් සහිත මෙම නිවාස ඒකකයක ඉදිකිරීම් හා සේවා සැපයුම් සදහා වන වියදම රුපියල් මිලියන 4 ක් වන අතර මහල් 15කින් සමන්විත නිවාස සංකීර්ණය ස`දහා වැයකර ඇති මු`ථ මුදල රපියල් ලක්ෂ 28,880කි.

නිවැසියන්ගේ පහසුව පිණිස විදුලි සෝපාන, ප්‍රජා ශාලා සහ අනෙකුත් අංගෝපාංග වලින් ද නිවාස සංකීර්ණය සමන්විතය.

කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන පවුල් සදහා නවීන පහසුකම් සහිත ස්ථීර නිවාස ලබාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් මට්ටමට ගෙන ඒමේ මූලික අරමුණු පෙරදැරිව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් නිවාස ඒකක 50,000ක් ඉදිකිරීමේ ඉලක්කය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරමින් සිටි.

සමරු ඵලකය නිරාවරණය කර නිවාස සංකීර්ණය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

නිවාස සංකීර්ණයේ සුහුරු පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ නිරික්ෂණයට ලක්විය.

අනතුරුව පැවති උත්සව සභාවේදී නිවාසලාභීන් කිහිප දෙනෙකු වෙත නිවාසවල යතුරු ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, රවි කරුණානායක, නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *