(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා විවාහ පත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා සසෙක්ස් හී නව ආදිපාදවරිය වන මේගන් මාර්කල් මුල්වරට රාජකීය උත්සවයකට සහභාගී වී තිබේ.
එය පෙරේදා(22) පවත්වා ඇත්තේ බකිංහැම් මාලිගයේ උද්‍යානය තුළ ය.
හැරී කුමරුගේ පියා වන ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සමාජ සේවා කටයුතු ඇගයීම සදහා උත්සවය සංවිධාන කර තිබුනු බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඒ ලබන නොවැම්බරයට යෙදෙන චාල්ස් කුමරුගේ 70වැනි ඡන්ම දිනය වෙනුවෙනි.
සමාජ සේවා කටයුතු වෙනුවෙන් තමන්ට ලබා දුන් සහයෝගය වෙනුවෙන් හැරී කුමරු සිය පියාට මෙම අවස්ථාවේදී විශේෂ කතාවක් සිදු කරමින් ස්තූතිය පළ කරනු ලැබීය.
UK brand Goat නැමැති වෙළෙඳ නාමය සහිත ඇදුම් විලාසිතාවකින් මෙහිදී මේගන් කුමරිය සැරසී තිබුණි. එම විලාසිතා විශේෂය කේට් මිඩ්ල්ටන් කුමරිය ද බහුල ලෙස තෝරා ගන්නා ඇදුම් විලාසිතාවකි. ඒ සදහා වැය වී ඇති මුදල ඩොලර් 590ක් බව සදහන් වේ.
මෙම උත්සවය සදහා ස්වේච්ඡා සේවකයින් 6000කට ආරාධනා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.