2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කරනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අද සියලු ජනතාව වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සඳහා 2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේ ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ සහකාර රේගු අධිකාරීවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා අද (24) මුදල් අමාත්‍යාංශයේ පැවැති උත්සවයක දීය. 10,000කට අධික පිරිසක් පෙනී සිටි තරග විභාගය සමත් 287 දෙනෙකු අතුරින් සම්මුඛ පරීක්ෂණයකින් මෙම 68 දෙනා තෝරා ගනු ලැබ ඇත.

මෙම තෝරා ගැනීම් සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බවත්, සුදුස්සට සුදුසු තැන ලබා දීමේ ප්‍රතිපත්තිය පමණක් ක්‍රියාත්මක වූ බවත් හෙතෙම අවධාරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *