ආගමන හා විගමන නිලධාරින්ගේ වෘත්තීය ගැටලු ජනපතිගේ අවධානයට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක් ඊයේ(24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

ආගමන හා විගමන නිලධාරින් මුහුණදී සිටින වෘත්තීය ගැටලු කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ පුළුල් අවධානය යොමු කෙරිණි.

එම ගැටලු පිළිබඳ ඉදිරි දිනවලදී අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට ද මෙහිදී එකඟතාවය පළ විය.

ආගමන හා විගමන සේවයේ සංවර්ධනයට ගතයුතු ඉදිරි පියවර පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවිය.

ආගමන හා විගමන නිලධාරින් රට වෙනුවෙන් ඉටු කරන සේවාව ද ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඞී. ස්වර්ණපාල යන මහත්රවරුන් ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *