දකුණු අප්‍රිකා ජනපතිගේ වැටුපෙන් අඩක් නෙල්සන් මැන්ඩලා පදනමට

(කොළඹ, ලංකාපුවත්) – සිය වැටුපෙන් අඩක් නෙල්සන් මැන්ඩෙලා පදනමේ සමාජ සත්කාරක සේවාවන් සඳහා ලබාදෙන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා කියා සිටියි.

ජාතියේ ගොඩනැගීම සඳහා පරිත්‍යාග කිරිමට ධනවතුන් දිරිගැන්විම සඳහා තමන් මෙම පියවර ගන්නා බව දකුණූ අප්‍රිකානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු අමෙරිකානු ඩොලර් 1 30,000ක් පරිත්‍යාග කිරිමට නියමිතය.

දකුණු අප්‍රිකාවේ ධනවත්ම පුද්ගලයින්ගෙන් අයෙකු වන සිරිල් රමපෝසා සතුව අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ වත්කමක් පවතින බවට වාර්තා වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලයිබිරියානු ජනාධිපති ජෝජ් වියාහ්, නයිජිරියානු ජනාධිපති මොහොමදු බුහාරි සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එලෙස වැටුපෙන් කොටසක් පරිත්‍යාග කළ රාජ්‍ය නායකයින් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 13 =