මුන්දලම ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට නැවතත් ගංවතුර – තත්ත්වය පාලනය කිරීමට උඩප්පුව මෝය කට විවර කරයි

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු ඒ ආශ්‍රිත ප‍්‍රදේශ ගණනාවකට නැවතත් තද වැසි ඇද හැලෙමින් පවතී.

මේ හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග ගණනාවක් නැවතත් යට වී ඇති අතර, ආණමඩුව, පල්ලම, තබ්බෝව ජලාශය ආසන්න ප‍්‍රදේශ මෙන්ම මුද්දලම, මංගලඑළිය හා මදුරන්කුළිය යන ප‍්‍රදේශවල ජල ගැලීමේ තත්ත්වය උග‍්‍ර වී තිබේ.

ඇති වෙමින් තිබෙන ගංවතුර අවදානම පාලනය කිරීම සඳහා අද (25)පස්වරු 2.30 ට පමණ උඩප්පුව මෝය කට විවර කොට ජලය බැස යාමට ඉඩ සලසන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෝය කට විවෘත කිරීමේ වැඩපිළීවෙල ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 6 =