ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් නව තානාපතිවරියක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇලයිනා බී ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයට නම් කර තිබේ.

ධවල මන්දිරය විසින් ඊයේ(24) මෙම නම් කිරිම සිදු කර ඇතැයි වාර්තා වේ.

තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇලයිනා ටෙප්ලිට්ස් මේ වන විට නේපාලයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරයි.

ඇය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද නාමයෝජනාව ධවල මන්දිරය විසින් අමෙරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

එම අනුමැතිය හිමිවිමෙන් පසු වර්තමාන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් වෙනුවට ඇලයිනා ටෙප්ලිට්ස් පත් වනු ඇත.

අතුල් කේෂප් 2015 වසරේ අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව් අමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − eight =