රත්මලානේ වෙඩි තැබීමෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ(24) රාත්‍රී 08.30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කේ. රංජන් සිල්වා නමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ය.

ඔහු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන බව වාර්තා වේ.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළේය.

මේ අතර අද බටහිර ඉන්දිය කොදෙව් බලා සංචාරය කරන ශ්‍රී ලංකා සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *