(කොළඹ, ලංකාපුවත්) –අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම්වලට නාවික හමුදා කණ්ඩායම් 49 ක් එක්ව සිටි.
දකුණ, බස්නාහිර , සබරගමුව හා වයඹ පළාත්වල සහන මෙහෙයුම් සදහා මෙම නාවික කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසයි.
ඩිංගි යාත්‍රා 49 ක් ද ඒ සදහා එක්කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සදහන් කළේය.
ජනතාවගේ දෛනික අවශ්‍යතාවන් සදහා මෙන්ම ප්‍රවාහන පහසුකම් සැලසීම සදහාත් විපතට පත්වූවන් බේරා ගැනීම සදහාත් නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ මුදා ගැනීමේ හා සහන සැලසීමේ ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මකය.
තබ්බෝව ප්‍රදේශයේ විපතට පත්ව සිටින පුද්ගලයින් 116 දෙනෙකු බේරා ගැනීමට ද එම සහන කණ්ඩායම් සමත් විය. පීඩාවට පත් ජනතාවට ආහාර පිළියෙළ කිරීමේ කාර්යයටද නාවික හමුදාව දායකත්වය ලබා දෙයි.