නිරිත දිග මෝසම් තත්වය ස්ථාපිත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (28) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් පවතිනු ඇති බවත් , බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එහි දැක්වේ.

එසේම දිවයිනේ ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =