මුදලට තරග පාවාදීමේ සිදුවීමට සම්බන්ධ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) – මුදලට තරග පාවාදීමේ සිදුවීමට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් ගත නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු තරිදු මෙන්ඩිස් , පළාත් පුහුණුකරු ජීවන්ත කුලතුංග හා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සහාය කළමනාකරු තරංග ඉන්දික යන තිදෙනා මෙලෙස වැඩ තහනමට ලක්වුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 10 =