රංගන ශිල්පීනී දිපානි සිල්වා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(28) උදෑසන 06.45ට බණ්ඩාරගම ප්‍රදේශයේදී ඇය පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුර සුළු තුවාල ලබා සහ ඔහුගේ වයස අවුරුදු 10ක දියණිය බරපතල තුවලා ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

දිපානි සිල්වා මහත්මිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =