ලක්‍ෂ 35ක රන් බිස්කට් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – රන් බිස්කට් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අද(28) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අද උදෑසන ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සතුව තිබී රන් බිස්කට් ග්‍රෑම් 432ක් අත්අඩංගුවට ගත් බවයි. මෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 35ක් පමණ වන බවට ගණන් බලා තිබේ.

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා රේගුවට භාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 10 =