සද මත පා තැබූ සිව්වැනි පුද්ගලයා මියයයි

(කොළඹ, ලංකාපුවත්) – සද මත පා තැබූ හතර වන පුද්ගලයා වන නසා අභ්‍යාවකාශ ගවේශකයෙකු වන ඇලන් බීන් මිය ගොස් තිබේ.

ඇලන් බීන් මිය යන විට අසූ හය වන වියෙහි පසු වු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇපලෝ දොළහ සද ගමනෙන් , ඔහු සද මත පා තැබූ හතර වන පුදග්ලයා බවට පත් විය. ඒ 1969 වසරේ නොවැම්බර් මාසයේදී ය.

ඉන් අනතුරුව ඔහු 1973 වසරේ ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ස්කයි ලැබ් වෙත පියාසර කෙරූ අභ්‍යවකාශ යානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

1981 වසරේ නාසා ආයතනයේ අභ්‍යවකාශ කටයුතුවලින් විශ්‍රාම ගිය ඇලන් තමා සද මතට ගිය හා අභ්‍යවකාශයට ගිය අත්දැකීම් සිතුවමට නගමින් චිත්‍ර ශිල්පියෙකු ලෙසද කටයුතු කළේය.

මීට සති දෙකකට පෙර ඉන්දියානා හි ගමන් කරමින් සිටියදී ඇලන් බීන් හදිසියේ රෝගාතුර විය.

සද මත පා තැබු පුද්ගලයින් අතරින් තවමත් ජීවත්ව සිටින්නේ 88 වන වියෙහි පසු වන බාස් ඇල්ඩ්රින් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *