චීනයේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ නව පරපුරේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථක වේ. එම අත්හදා බැලීම සිදු කරන ලද්දේ පසුගිය 23 වැනි දිනය.

ඒ චීන ජාතිකාරක්ෂක විද්‍යා තාක්ෂණික විශ්ව විද්‍යාල පරිශ්‍රයේදීය. එම චුම්භක අධිවේගී දුම්රිය සඳහා චීනයට පූර්ණ ස්වයං බුද්ධිමය දේපල අයිතිය හිමි වේ. එහි වේගය පැයකට කිලෝමීටර් 160කි.

බුද්ධිමත්, සුරක්ෂිත, පරිසර – හිතකාමී සහ ආර්ථික – ඵළදායි මෙම දුම්රි‍ය නිර්මාණය සඳහා භාවිත කළ තාක්ෂණය ලොව පිළි ගත් ක්‍රමවේදයන්ට අනුව සිදු කර තිබේ.

මෙම දුම්රිය නිෂ්පාදනය චීනයේ “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළට සමගාමීව පැවැත්වෙන ජගත් සහයෝගීතාවන් හා එක් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *