සොෆ්ට්ලොජික් ලයිෆ් 2018 වාර්ෂික විකුණුම් සමුළුවේදී අති විශිෂ්ට ජයග්‍රාහහකයින් උදෙසා හරසර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්ෂසණ සමාගමක් වන සොෆ්ට්ලොජික්ලයිෆ් හි අති විශිෂ්ඨ විකණුම් බලකායේ ජයග්‍රාකාහණ ඇගයීමට ලක් කෙරෙන සොෆට්ලොජික් ලයිෆ් වාර්ෂික විකුණුම් සමුළුව පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පෑවැත්වුණි.

Living Life with Pride යන තේමාව යටතේ සංවිධානය කෙරුණු මෙම සමුළුවේදී 2017 වසරේ විකුණම් අංශයේ විශිෂ්ට දක්ෂතා දැක්වූවන්ට ඉතා ඉහළින් හරසර පිරිනැමිණි.

විචිතරාග වත් කලා අංගයන් රැසකින් සමන්විත වූ මෙම සම්මාන උළෙලල සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපති පෝල් රත්නායක, අධ්‍යක්‍ෂ මණ්ඩල සමාජිකයින් වන සුජීව රාජපක‍්ෂ, රේ අබේවර්ධන සහ සොෆ්ට්ලොජික් රක්ෂණ සමාගමේ කළමණාකර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඞ් යන මහත්වරුන් ඇතුළුව සොෆ්ට්ලොජික්හි ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් වර්ණවත් විය.

සම්මාන රාත්‍රියේදී විශිෂ්ටත්වය විදහා පෑ 291 දෙනෙකු සම්මානයට පාත්‍ර වූ අතර පාරිභෝගිකයින්ට උසස් සේවාවක් හා අඛණ්ඩ ලෙස විකුණු මෙහිලා විශිෂ්ටත්වයක් දැක්වූ සොෆට්ලොජික් ජීවිත රක්ෂණ අලෙවි බලකාය මෙහිදී ඉහලින් අගය කෙරිණි.

2016 වසරේ සිට පැවති ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය එලෙසම පවත්වාගනිමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2017 වසර තුළද සිය ලාභය සහ පිරිවැටුම ශක්තිමත් අඩිතාලමක් මත පවත්වාගනිමින් තවත් මූල්යි වර්ෂයක් සාර්ථකව නිමා කිරීමට සමත් විය. 2016 වසර හා සසඳන විට 2017 මූල්‍ය වර්ෂයේදී සොෆ්ට්ලොජික් ලයිෆ් හි වර්ධනය සියයට 34 ක් වූ අතර දළ වාරික ආදායම රුපියල් බිලියන 7.53ක් දක්වා වර්ධනය විය. සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්තා කර ඇති ඉහළ මූල්යම කාර්යසාධනය හේතුවෙන් සමාගමේ බදු පෙර ලාභය 2016 වසර හා සැසඳීමේදී සියයට 97කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 1.9ක් ලෙස සටහන් වී ඇත. 2016 වසර හා සැසඳීමේදී සොෆ්ට්ලොජික් ලයිෆ් හි බදු පසු ලාභය පෙර වසරේ දී වාර්තා කළ අගයට වඩා දෙගුණයක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 2.32ක් වාර්තා කළ අතර මෙය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 140ක ඉහළ යෑමකි. සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගිය වසරේදී අත්පත් කර ගත් මූල්‍ය කාර්යසාධනය සිය කොටසක ඉපැයීම තුළින්ද විද්‍යාමාන වූ අතර මෙම අගය රුපියල් 2.34 සිට රුපියල් 6.20 දක්වා වර්ධනය වී ඇත.

ඉතා කෙටිකාලයකින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂෙත්‍රයට නව තාක්ෂණය හා නව්‍යකරණ සේවා හදුන්වා දෙමින් සැබෑ පෙරගමන් කරුවන් බවට පත්වීමට සොෆට්ලොජික් ජීවිත රක්ෂ්ණ සමාගමට හැකි වූ බව එහි කළමණාකාර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *