බසයක් මතට ගසක් කඩා වැටී අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දියතලාව, ගල්කන්ද ප්‍රදේශයේ දී කොළම සිට බදුල්ල බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක් මතට අධික සුළග නිසා කඩා වැටුණු ගසක් හේතුවෙන් එහි ගමන් කළ මගීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

ඊයේ(29) රාත්‍රී 07.45ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

එහිදී තුවාල ලැබූ දෙදෙනාව දියතලාව රෝහලට ඇතුලත් කිරීමේ දී එක් අයෙක් මිය ගොස් ඇති බව දියතලාව පොලිසිය සදහන් කළේය.

මෙහිදී මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වූ බදුල්ල දඹගහපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(30) සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 4 =