රඹුක්කන සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය ආරක්‍ෂිතව සකස් කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වඩාත් ආරක්‍ෂිතව සකස් කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීමට නියමිත බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මාස 06 ක කාලය තුළ එම වැඩපිලිවෙල අවසන් කිරීම රජයේ සැලසුම වී ඇති බවයි. පසුගියදා (28) පැවැති බදුල්ල දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

රඹුක්කන සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන අනාරක්‍ෂිත බවත්, ඇතැම් ස්ථාන නායයාමේ හා වෙනත් අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතින බවත් භූ විද්‍යායින්ගේ මතය වී තිබේ. එම තත්ත්වයන්ට නිසි පිළියම් යෙදීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් බලවත් අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද ඔවුන් විසින් පෙන්වා දී තිබේ. එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හා අදාල ආයතනවල පූර්ණ අධීක්‍ෂණය යටතේ කදුරට දුම්රිය මාර්ගය නිසි පරිදි හා විද්‍යානුකූලව සකස් කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කිියා සිටියේ ඉදිරි මාස හයක කාලය තුළ එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර චමින්ද විජේසිරි, වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිලි ජයසේකර, බදුල්ල දිස්ති‍්‍රක් වැඩබලන ලේකම් එම්.ඩී.ආර්.පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *