රුපියල් ලක්‍ෂ 29කට අධික කේරළ ගංජා සමග දෙදෙනෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම, මඩුතුඩුවාව හන්දියේ සිදු කළ වැටලීමකින් රුපියල් ලක්‍ෂ 29කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මන්නාරම ඒකකය විස්න අද (30) අළුයම් කාලයේ දී මෙම වැඩලීම සිදු කර තිබේ.

එහිදී අදාළ සැකකරුවන් දෙදෙනා කේරළ ගංජා කිලෝ 24යි ග්‍රෑම් 180ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිට ඇති බව සදහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 හා 27 පසුවේ. ඔවුන් පේසාලෙ ප්‍රදේශයේ පදිංචි කරුවන් ය.

සැකකරුවන් අද(30) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්හන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 11 =