ගුවන් සෙබළෙක් සියදිවි නසා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබළෙකු ඊයේ (29) රාත්‍රි සිය දිවි නසාගෙන ඇත

කඳවුරට අයත් භට නිවාසයේ විදුලි පංකාවේ ගැට ගැසූ ළණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන මෙම සෙබළා මීය ගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය පැවසීය.

මරණකරු අවුරුදු 20 ක් වන පරගහකැලේ, අම්පාර ලිපිනයේ පදිංචි ටී.එම්.පී.කේ. ජයලත් යන අය වන බව සදහන් ය.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කර මේවන විය පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(30) සිදු කිරීම සදහා කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.

ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *