හම්බන්තොට සහ මාතරට බලපෑ තද සුළං නිසා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා

(කොළඹ, ලංකාපුවත්) –හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුමට බාධා එල්ල වී ඇතැයි විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය සදහන් කළේය.

අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ සුළං තත්ත්වයත් සමඟ විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් හේතුවෙන් මෙලෙස විදුලි සැපයුම ඇණ හිට ඇති බ‍.

ඒ අනුව තංගල්ල, බෙලිඅත්ත, මිද්දෙණිය, වලස්මුල්ල, සූරියවැව හා හක්මණ යන ප්‍රදේශවලට මෙම විදුලි බිඳවැටීම් සිදුව ඇත.

මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *