ඉන්දීය අගමැතිට සිය පවුලේ රසමුසු තැන් කියූ ඉන්දුනිසියා ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දුනිසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ හමුව තිබේ.

නාවික , වෙළද සහ ආයෝජන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවති බව වාර්තා වේ. නරේන්ද්‍ර මෝදි දින පහක සංචාරයක නිරතව සිටි.

එසේම මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ මෝදි අගමැතිවරයා ඔවුන්ගේ පසුලේ රසවත් තොරතුරු බෙදා ගැනීමක් ද සිදු කර ඇති බව එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කර තිබුණි.

එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයාගේ පුතා හෙවත් තම මුණුබුරාට ද ඇත්තේ මෝදි ජනාධිපතිවරයාගේ නමට සමාන නමක් බවයි. ජාන් එතේස් ශ්‍රී නරේන්ද්‍ර නම් සිය මුණුබුරා උපත ලබා ඇත්තේ 2016 වසරේ දී බව ජොකෝ විඩෝඩෝ සදහන් කර තිබුණි.

ඉන්දුනිසියාවෙන් පසු මැලේසියාවට සහ සිංගප්පුරුවේ සංචාරයකට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *