ක්‍රිකට් නිලවරණයයට අතුරු තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා හෙට පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ලබන මස 14 වනදා තෙක් බල පැවැත්වෙන ලෙස මෙම නියෝගය ඊයේ(30) ලබා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

පෙත්සම්කරු පවසන්නේ සභාපති තනතුර සඳහා තරගවදින වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාම යෝජනාව නීතියට පටහැනි බවයි. ඔහු අදාළ තනතුරට තරග කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව හා ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ද පෙත්සම්කරු සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =